AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Sunday, October 31, 2010

කඨින පිංකම -2010

කඨින පිංකම 2010

වස් වැසි හිමිනමට
පිදු චීවරය

පැමිණි ඔබ සැමට
ස්තූතිය

Sunday, October 24, 2010

Next

ඊළඟ

චැට් රූම්
ෆෝරම්
යාහූ චැට්
ජී මෙල් චැට්
ගෘප් චැට්
ෆේස් බුක්
බ්ලොග්
ට්විට්
-->
වලින් පස්සේ
නෙක්ස්ට්?

ඒක එනකං
මං
???

Friday, October 22, 2010

Emptiness

හිස්

හිස් අවකාශයක
නිහඬ නිම්නයක
පාළු කොදෙව්වක
පිරිපුන්
හිස් බව..

ජිවිතය පුරාවට
විඳගන්න
අනේ අපි
පිංකරලා
නැති
හැටි
..

Sunday, October 17, 2010

Money

සල්ලි

හැකි
අය
උපයති

ඇති
අය
නැති
කරති

නැති
අය
හූල්ලති

Thursday, October 7, 2010

Dear Janaka

හිතවත් ජනක,

මම
කවි ලියන අතර
නීරෝ
මා පසෙක හිඳ
වීණාව වාදනය කරයි

ඔබ
කවි කියවන අතර
රෝමය
ගිනි ගනියි*

I write poems
while Nero
stroking the Veena
beside me
you read poems
while Rome burning..*
ජනක
මං ඉස්සුවා කවියක්
රුයිත දහය
කවි පොතෙන්
හරියටම
අන්තිම කවිය
උස්සලා
දම්මා මගේ
බ්ලොග් එකේ
එහෙමයි
මං සලකන්නේ
මං ආස කරන දේවල්
වලට
දැන් අහන්නෙපා
ආස හැමදේම
බ්ලොග් එකේද
කියලා..
හපෝ නෑ..
ඒ වුනාට
මං උඹව
දැනගත්තේ
බ්ලොග් හරහා
නෙට් හරහා
ඒකයි
ඉස්සුවේ කවිය
කතෘ භාගයවත් නොදී
දැනගත්තත්
ඉල්ලන් නම් එපා
‍දෙන්න
පිච්චියක් නෑ
අතේ..
පොත් ගන්නම
හිදිලා
හැඹිලිය
...

*ජනක මහබෙල්ලනගේ රුවිත දහය කවිපොතේ පිටු අංක74 අඩංගු කවියකි.

Wednesday, October 6, 2010

Sick!

ලෙඩ

ලෙඩ වෙන එකත්
මහ වදයක්
බෙහෙත් අහුරක්
‍තිත්තම තිත්ත

නිදාගන්න එකවිතරක්
පරම සැපක්
ඒත් හෙට ආයෙමත්
පුරුදු යුද්දෙට
යන්න වෙන එක
මහ දුකක්

ලෙඩ වෙන එක එකත්
මහම මහ වදයක්
කන්න බෑ බොන්න නෑ
සීතල දෙයක්

වැඩ නෑ කතා නෑ
කිසි කෙනෙක්ගෙන්
නෝකඩුවක් නෑ
‍එයා ලෙඩ වෙලා
කරදර කරන්නෙපා
හරිම කරුණාවක්
ඒත් දැන් දැන් හොදයි
ඇඟට පොඩ්ඩක් පණ ඇවිත්
ආයෙමත්
ටිකෙන් ටික
අරවා මේවට හවුලට
කතා කරනවා කට්ටිය
දැන් දැන් ලෙඩ
හොදයි
ඇඟට ඩිංගක් පණ ඇවිත්
කරන්නට
වැඩ ‍ගොඩයි

හයියෝ
ලෙඩ වෙන එකත්
මහ සැපක්
බං දැන්
සත්තමයි
මහ සැපක්
ලෙඩ වෙන
එකත් දැන්
....

Sunday, October 3, 2010

Title?

මාතෘකාව?

මන + උස්
මිනිස්
මන,
සනසවන
මඟ
කොහිද

පහුකරන්
එමඟ
නොමඟ
යනදන
දෑත් දිගුකොට
අර බලව
සංතෘෂ්ඨියේ
මඟ
අතන

අනේ පව් ඉතිං
මන+උස්
මිනිස්
මන
හැමදාම
අතරමඟ
...
..
.



Saturday, October 2, 2010

Raining

වැස්ස

චුරු චුරුව
චුරු චුරුව
උදේ ඉදන්
හරියට

කාර් ඇතුලේ
බස් ඇතුලේ
මහ පාරේ
කුඩ අකුලන්
කුඩ ඉහලන්
හනිහනිකට

රතු ඉරට කලින්
හතර වුනු ගමන්
හරි හදිස්සියේ
මාසේ අන්තිම
පඩි පැකට් එක
වෙනුවෙන්
වැස්ස යටින්
දිව්වට

දවසේ ගානේ
වේලෙන් වේලට
හාල් හුණ්ඩුව
කඩෙන් ගන්න
කුලී ඇත්තොන්ට
...

වැස්ස
ඇත්තටම
කොයි වගේද
?

ප.ලි - හිඟන්නගේ පාත්තරේටලු හෙනහුරත් පාත් වෙන්නේ.

Friday, October 1, 2010

Colombo

කොළඹ

ලස්සනට
පාර මැදට
මල් පැළ

වැස්සට
ඒ පාරටම
කුණු වතුර

AbsoluteM

AbsoluteM

මම
මං වෙනුවෙන්
මට විතරක්
මං තනියෙන්
ලියන
මගේ
පිටුව.