AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Sunday, February 13, 2011

Sorry

රෝස මල්
චොකලට්
ඒවා මොකුත් නැත්තං
අඩුගානේ
මැසේජ් එකක් වත්
මාරුවෙන
වැලන්ටයින්
දවසේ
අනේ මට
නිකමට
ලස්සන කවියක් වත් ලියන්න
වචනයක් වත්
නැති හැටි..
(නෙද්දකින් මගේ හිත)

ඒ උනාට ඉතිං
මගේ "මචං"
උඹටයි මටයි..
මොන වැලන්ටයින්ද
නැද්ද ?
අපිට හැමදාම
මුලට යන්න පාර මතක කල්..

ඒ පාරත් අමතක උනු දාට.
අපි යං ආ‍යාලේ..

අන්න එදාට අපි හදාගමු
අපි දෙන්නගේ වචන දලා
හොද කවියකුයි.
ලොකේ හොදම චොකලට් දාලා
චොකලට් මූස් එකකුයි..

හික් හික් හික්..

...


3 comments:

  1. අදාල මනුස්සය මේක කියෙව්වනං මට දැණුනට වඩා දැණෙන්න ඇති...

    මම වඩාත්ම කැමති මෙතන ලියවිලා නැති ටිකට!

    ReplyDelete
  2. මෙහෙම පෞද්ගලික කවි ලියන්න බෑ. යකෝ කන මූස් එකක්ක් කෙසේ වෙතත් ඕක ඔය ලියන එක බෙදාගන්න නම් ඕනේ.
    උඹලා දෙන්නාට චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබේවා.

    ReplyDelete
  3. බොලා දෙන්නාට සුබ වේවා!

    ReplyDelete