AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Wednesday, February 27, 2013

Desk Top Background

මගේ මූණ ඉස්සරහම
මං වගේම තව කෙනෙක් එක්ක
ඔයා වගේ කෙනෙක් ඉදගෙන
ඔච්චලේට
තනි මට
හිනාවෙනවා
මං
ටක් ගාලා
මාරු කලා
....

ඩෙක්ස්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක

Friday, September 28, 2012

හිස් ම හිස් හිස් තැනක්!


හිස් ගොඩක් මැද 
හිස් තැනක් 

කතා බස් මැද 
තනි කමක් 

පුරවන්න බැරි 
හිස් තැනක්

ඉවසන්න බැරි 
තනි කමක්! 


Sunday, May 13, 2012

මගේ රස්සාව!



මම කරන්නේ පුදුම රස්සාවක්

මම දකිනවා උපත.. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දරුවෝ දෙතුන් දෙනා ඉන්න අම්මලා තාත්තලත් කුළුදුල් දරුවා ලැබෙන්න ඉන්නවා වගේ.. බර ‍උහුලන් ඉන්නේ අම්මා උනාට අමාරුව තියෙන්නේ තාත්තලට.. කොන්දට අත තියාගෙන ඉදිමුණ කකුල් වලින් ඇවිදින බිරින්ඳැව පොඩි එකෙක්ව වගේ අතින් අල්ලගෙන හෙමිහිට ඇවිදින ඒත් හිත ඇතුලේ කප්පරක් දේවල් ගැන කල්පනා කරන තාත්තලා..

එහෙම හැමෝටම දරුවෝ ලැබෙන්නෙත් නෑ..
මම දකිනවා සමහර කුළුදුලේ ලැබෙන්න ඉන්න දරුවව මාස දෙක තුනකදි පොඩි හේතුවක් නිසා කළලය අයින් කරන්න වෙන වෙලාවට.. වෙන්න ඉන්න අම්මලාගේ ඇස් වලින් කඳුළු බේරෙනවා.. එළියට පෙනුනොත් නෝනට දුක වැඩි වෙයි කියලා හිත ඇතුලේ දුක හංගගෙන කඳුළු ගොළු කරගන්න වෙන්න තාත්තලා..

කොහොම හරි ලැබෙන දරුවෙක් පොඩියක් වැඩිපුර ඇඩුවොත්.. ඇඟ ටිකක් රත් උනොත් කරේ තියාගෙන දුවගෙන එන අම්මලා තාත්තලා.. ලෙඩ හොඳ කරනවා උනත් අපි කරන්නේ බිස්නස් එකක්! සල්ලි නැත්තං බෙහෙත් නෑ.. අතේ තියන අන්තිම සතේත්.. ගේ දොර විකුණලා දරුවා වෙනුවෙන් වියදම් කරන අම්මලා තාත්තලව මම දකිනවා..

මම කරන්නේ හරි පුදුම රස්සාවක්..
මම දකිනවා මරණය.. ඉපදුනු ගමන් නැති වෙන පොඩි උන් වගේම ඉපදිලා අවුරුද්දෙන් දෙකෙන් මැරිලා යන පොඩි උන්.. දවසක් මම දැක්කා ඉමර්ජන්සි එකේ ඇඳක් උඩ අත් කකුල් දිග ඇරගෙන නිදාන් ඉන්න පොඩි කොළු පැටියෙක්ව.. ඌ මැරිලා.. අම්මයි තාත්තයි වැළපෙනවා.. හිත ගල් කරගන්නවා ඇරෙන්න ඒ වෙලාවට එයාලා එක්ක අඞන්න බෑ.. මම දැකලා තියනවා ඒ ඉර්ජන්සි එකේම ඇඳක් උඩ පණ ගියපු අම්මෙක් ව.. උන්දැට වයස වෙන්න ඇති.. යන කාලේ හරි ඇති.. ඒත් කාටත් බෑ කෙනෙක්ට ලේසියෙන් යන්න දෙන්න.. දොස්තරලා... නර්ස්ලා විතරක් නෙවෙයි අතුගාන මිනිහා පවා ඇස් ඇරගෙන බලන් ඉන්නේ එහෙන් මෙහෙන් එබෙන මරණය මොහොතක් හෝ පරද්දන්න.. හැමෝටම මාර පරාජය කරන්න බෑ.. ඒත් සමහර වෙලාවට ඔක්සිජන්.. ඉන්ජක්ෂන්.. සේලයින් ඒවා මේවා ගොඩකට පුළුවන් මරණය පරද්දන්න.. (ටික කාලෙකට)

මරණය.. ඒක හරි පුදුම දෙයක්
රමණයෙන් ඉපදෙන පණ ටිකක් අමරණීය නොකරන මරණය..

දෙමව්පියෝ දරුවන්ට ලැබෙනවට අකමැති දරුවෝ දෙමාපියන්ට ලැබෙනවට අකමැති... ඒත් කාගෙවත් කැමැත්ත අකමැත්ත නෙසොයන මරණය.. අද්භූතයි.. අවිනිශ්චිතයි.. හැබැයි අපි හැමෝටම අයිති මරණය..

සොඳුරුයි.. ඉපදීම.. ජීවත්වීම අස්සේ හැංගිමුත්තන් කරන මරණය.. මම කරන්නේ අමුතු රස්සාවක්.. මමයි අපේ ආයතනේ කට්ටියයි.. මරණෙත් එක්ක වන් ටූ ත්‍රී බම්බල පී කරනවා.. කට්ටිය ටික ටික ලං වෙලා හොඳටම ලං වෙලා.. ආයෙමත් පරණ තැනට දුවනවා.. ඒත් කොයි වෙලේම හරි අහුවෙනවා..! අපි අහුවෙන ගැලවෙන ජීවිත දිහා බලාගෙන ඒ ජිවිත එක්කම ජීවත් වෙනවා..

Thursday, March 22, 2012

I


Enough!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

In the end its all my fault!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Damn me!


Wednesday, March 21, 2012

The Secret Love

Sky... u r so high...
Earth... u r so close
Horizon.. makes u together..
still there is a gap
that no one can fulfill forever..

but for a moment of time..
tiny little rain drops
brings the massage of love

in entire night
sparkling dew
crooning the love songs
and
dances under the moon light

Yet when the sun
glance at ye
thou hide the beauty
and vanish the evidence
of u'r eternal so called radical love.







Saturday, March 17, 2012

Wow!

මම ඇරුනම
අනිත් හැමෝම

හොඳායි......
පව්....
අහිංසකයි...

හැම මඟුලම!
මම විතරක්
පට්ටම පට්ට
චාටර්!

නියමයි!

Monday, November 14, 2011

WTF!!!!

I am really disappointed!!!
why is it always me?
why do I have to think about others
while others dont care a shit abt me!

i am not the guardian angel
neither a demon
but i have my own way of living.
let me live my life!

i dont have much in my life
i dont have many ppl in my life
to to love hate or do anything
do i have to deduct it
coz of the others.....?

i repeat it i am not a angel!