AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Thursday, December 2, 2010

Mind

හිත

වදන් හිරවී
හිත ආතුර වී

කියන්නට නොම දනී
ජිවිතය හිස් වී
වචන නැති වී
කඩදාසී හිස් වී

වදන් හිරවී
හිත ආතුර වී

දිවි ගමන හති වැටී
අනේ දැන් ඇතී
යැයි දැනී දැනෙද්දී

වදන් හිරවී
හිත ආතුර වී

.....

Friday, November 12, 2010

Flour Terrorism

ඇමතිවරු මොර දෙති
"පාන් පිටි ත්‍රස්තවාදයකි"

පිටිලොරියේ ඉස්සරහම
ලොකුවට ගසා තිබිනි
"අත්‍යාවශ්‍ය සේවා"

අනේ ඉතිං
මට සිතුනි
පාන් පිටි ත්‍රස්තවාදයකි
පාන් පිටි අත්‍යාවශ්‍ය සේවයකි
එම නිසා
ත්‍රස්තවාදය අත්‍යාවශ්‍ය සේවයකි
...
???
:-0?

Monday, November 8, 2010

ON LEAVE

when i take a leave
i mean it
i need it

it can be
a
sick leave
day off
or
night off
what ever it
is

i need it
i want it
&
i waited
for it

i gain it
for me
to me

not for you
neither for them

how dare you
are
to steal it
from me
for them

i hate it
simply don't
like it

just because
ITS MY LEAVE!!
& MY LEAVE
ITS
ONLY MY LEAVE!!

නිවාඩු දවසේ අනිත් අයගේ උප්පැන්න කොපි පරක්කු මොකද කියලා හොයන්න යන එක හෙන වදයක් බොලව්!!!

Sunday, October 31, 2010

කඨින පිංකම -2010

කඨින පිංකම 2010

වස් වැසි හිමිනමට
පිදු චීවරය

පැමිණි ඔබ සැමට
ස්තූතිය

Sunday, October 24, 2010

Next

ඊළඟ

චැට් රූම්
ෆෝරම්
යාහූ චැට්
ජී මෙල් චැට්
ගෘප් චැට්
ෆේස් බුක්
බ්ලොග්
ට්විට්
-->
වලින් පස්සේ
නෙක්ස්ට්?

ඒක එනකං
මං
???

Friday, October 22, 2010

Emptiness

හිස්

හිස් අවකාශයක
නිහඬ නිම්නයක
පාළු කොදෙව්වක
පිරිපුන්
හිස් බව..

ජිවිතය පුරාවට
විඳගන්න
අනේ අපි
පිංකරලා
නැති
හැටි
..

Sunday, October 17, 2010

Money

සල්ලි

හැකි
අය
උපයති

ඇති
අය
නැති
කරති

නැති
අය
හූල්ලති