AbsoluteM

කොහොමද මේක හොයාගත්තේ?

මේ මට දිගට ලියන්න කම්මැලි වෙලාවට.. ලියන්න දෙයක් නැති වෙලාවට

නොලියා ඉන්න බැරි වෙලාවට.. ‍. ‍

සරළවම කියනවා නම් නිකං ඉන්න බැරි වෙලාවට..හිතට එන.. අන්එඩිටට්.. අප්සට්.. ෆුල් සෙන්ටිමෙන්ටල්.. එන්නොඩුය තෝට්ස්..

Friday, June 3, 2011

What I Need @ the moment!

හැමදේකින්ම ඉහිල් වෙලා
ගැලවිලා
යන්න ඇත්තං..
ආයෙමත්
මුලට නෙවෙයි
අඟටත් නෙවෙයි..
ඇරඹුමක් වත්
අවසානයක් වත්
නැති
කොටින්ම බිහිවීමක්
වැනසීමක්
නැති..
පැවතීමක් නැති
ශූන්‍යයකට..!!

Saturday, February 19, 2011

හිත විමසීම

ප්‍රශ්ණය :-ඇයි අපි
මිනිස්සු මේතරම්
අනුන්ගේ කුණු හොයන්නේ?

තමන්ගේ
සරුවාංගෙම
වණයක් වෙලා තියෙද්දි..

පිළිතුර :-මිනිස්සු
කවදත්
අනුන්නට
(පේන්න)
පර්ෆෙක්‍ට්!

Sunday, February 13, 2011

Sorry

රෝස මල්
චොකලට්
ඒවා මොකුත් නැත්තං
අඩුගානේ
මැසේජ් එකක් වත්
මාරුවෙන
වැලන්ටයින්
දවසේ
අනේ මට
නිකමට
ලස්සන කවියක් වත් ලියන්න
වචනයක් වත්
නැති හැටි..
(නෙද්දකින් මගේ හිත)

ඒ උනාට ඉතිං
මගේ "මචං"
උඹටයි මටයි..
මොන වැලන්ටයින්ද
නැද්ද ?
අපිට හැමදාම
මුලට යන්න පාර මතක කල්..

ඒ පාරත් අමතක උනු දාට.
අපි යං ආ‍යාලේ..

අන්න එදාට අපි හදාගමු
අපි දෙන්නගේ වචන දලා
හොද කවියකුයි.
ලොකේ හොදම චොකලට් දාලා
චොකලට් මූස් එකකුයි..

හික් හික් හික්..

...


Valentine

වැලන්ටයින්

අම්මපා උඹට
දුක නැද්ද බං
මාකට් වෙන
මාකට් විල්ලට!


Monday, January 17, 2011

Ash

අළු

දැවී දර
සදයි අළු
මැකී කළු
සැදෙයි අළු


Thursday, December 2, 2010

Mind

හිත

වදන් හිරවී
හිත ආතුර වී

කියන්නට නොම දනී
ජිවිතය හිස් වී
වචන නැති වී
කඩදාසී හිස් වී

වදන් හිරවී
හිත ආතුර වී

දිවි ගමන හති වැටී
අනේ දැන් ඇතී
යැයි දැනී දැනෙද්දී

වදන් හිරවී
හිත ආතුර වී

.....

Friday, November 12, 2010

Flour Terrorism

ඇමතිවරු මොර දෙති
"පාන් පිටි ත්‍රස්තවාදයකි"

පිටිලොරියේ ඉස්සරහම
ලොකුවට ගසා තිබිනි
"අත්‍යාවශ්‍ය සේවා"

අනේ ඉතිං
මට සිතුනි
පාන් පිටි ත්‍රස්තවාදයකි
පාන් පිටි අත්‍යාවශ්‍ය සේවයකි
එම නිසා
ත්‍රස්තවාදය අත්‍යාවශ්‍ය සේවයකි
...
???
:-0?